මස්කෙළිය – නෝර්වුඩ් මාර්ගයේ නිව්වැලිවත්ත ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් අඩි 25ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන් ගත් මගියෙකු ඊයේ (11) පස්වරුවේ දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මස්කෙළිය සිට නෝර්වුඩ් දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෙම ත්‍රීරෝද රථය, නිව්වැලිවත්ත ප්‍රදේශයේ අධික බෑවුමක් සහිත ස්ථානයකදී පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි.
ප්‍රපාතයට පෙරළීම හේතුවෙන් ත්‍රීරෝද රථයට දැඩි අලාභහානි සිදුව ඇති බව නෝර්වුඩ් පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් චක්‍රලේඛයක්
ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පිහිටෙන් උපරිම ප්‍රයෝජන ගත් දේව්දත් පඩික්කල්
නොසිතූ මොහොතක සිදු වූ බිහිසුණු අනතුර සිසු ජීවිත දෙකක් උදුරා ගනී
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කරයි
ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්
කෝටි හතක් වටිනා ගංජා තොගයක් සමඟින් කොටු වූ සැකකරු
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා