කොස්මෝදර, වරල්ල, උවරගල ප්‍රදේශයේ නිවසක ඊයේ (27) රාත්‍රියේ අඹුසැමි යුවළක් අතර බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකට මැදි වූ 09 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දෙදෙනා අතර ඇතිවූ ගැටුම අතර තුර පියා විසින් මවට එල්ල කරන ලද පිහි පහරක් අනපේක්ෂිත ලෙස දරුවාගේ හිසේ වැදී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී බරපතල තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා මොරවක – කොස්නිල්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම දරුවා අද (28) අලුයම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පිහි පහර එල්ල කළ පියා මාතර ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක නිත්‍ය ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කරන අයෙක් බවයි වාර්තා වුණේ.
සැකකාර පියා මොරවක පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.
hits : ජාතික ගීය වෙනස් කළ යුතු බවට යෝජනාවක්

පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
පේරාදෙණිය රෝහල් ටෙන්ඩරයකට ලක්ෂ 20ක අල්ලස් ගත් ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් ගම්පොළදී අත්අඩංගුවට
දෙවිනුවර කාවඩි කණ්ඩායම්වල කිහිපදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟින් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද