පාසල් සිසුවෙකුට වෙඩිවැදීමේ සිද්ධියක් සමග මාතර තිහගොඩ පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
තිහගොඩ පොලිස් වසමේ මිදෙල්ලවල කටුවනතුඩුව ප්‍රදේශයේදි පොලිස් අන නොකතා ධාවනය වූ තීරෝද රථයක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරියෙකු සතු පිස්තෝල ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් වයස 14 තරුණයකුගේ හිසට බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරුකර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර තිබෙන්නේ පි.බි හරේෂ් හංසක දේශාන් නැමැති ගොඩුගෙවත්ත,නායිම්බල,තිහගොඩ ප්‍රදේශයේ පදිංචි .වයස අවු 14. ක තරුණයෙකි.
සිසුවා මේ වනවිට කරාපිටිය රෝහලේ දැඩි සත්තාක ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
එම සිද්ධියත් සමග ගම්වාසීන් තිහගොඩ පොලීසිය අසලට රැස්වීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් නිලධාරීන් කැඳවා ඇති බවද වාර්තා විය.
එහිදී කඹුරුපිටිය පොලීසියේ ජීප් රථයකට පහරදීමක් ද සිදුවී ඇති බව අප වාර්තාකරු පැවසීය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.
කෙසේවෙතත් සිද්ධියට මුහුණ දුන් සිසුවෙකු පවසා ඇත්තේ ත්‍රිරෝද රථය නතර කිරීමට පොලීසිය අණ නොකළ බවය.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු