2026 වසරේ ලෝකයේ මධුසමය ගත කිරීම සඳහා වඩාත් සුදුසුම ස්ථාන 25 අතරට ශ්‍රී ලංකාවේ සංචාරක පුරවරයන් 3ක් ඇතුළත් කිරීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ලොව ප්‍රසිද්ධ සංචාරක උපදේශක ආයතනයක් වන ‘ට්‍රිප් ඇඩ්වයිසර්’ (TripAdvisor) ආයතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
පසුගිය වසර පුරා ලොව පුරා සංචාරකයින් ලබාදුන් තොරතුරු සහ ඔවුන්ගේ අත්දැකීම් විශ්ලේෂණය කරමින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇති ස්ථාන මෙසේය:
- ගාල්ල: ලොව 5 වන ස්ථානය
- ඇල්ල: ලොව 13 වන ස්ථානය
- තංගල්ල: ලොව 22 වන ස්ථානය
ඓතිහාසික ගාල්ල නගරය ලොව ප්‍රමුඛතම ගමනාන්ත 5 අතරට පැමිණීම මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ.
මෙම වාර්තාවට අනුව මධුසමය ගත කිරීමට ලොව හොඳම ස්ථාන ලෙස මුල් ස්ථාන තුන මෙසේ නම් කර ඇත:
- බාලි (ඉන්දුනීසියාව)
- මුරුසිය (Mauritius)
- මාලදිවයින
ට්‍රිප් ඇඩ්වයිසර් ආයතනය සඳහන් කරන පරිදි, මෙම තේරීම් සිදුකර ඇත්තේ සංචාරකයින් විසින් පළ කරන ලද ගුණාත්මක ප්‍රතිපෝෂණ (Reviews), නවාතැන් පහසුකම්වල ප්‍රමිතිය සහ එම ස්ථානවල පවතින රොමෑන්තික වටපිටාව සැලකිල්ලට ගනිමිනි.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි