අධ්‍යාපන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් ලංකා අධ්‍යාපන සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති මාරාන්තික උපවාසයට සහය දැක්වීම සඳහා සිවිල් සංවිධාන රැසක් එළඹෙන සඳුදා (02) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට පැමිණෙන බව එම සංගමය පවසයි.
අදාළ ඉල්ලීම් මුල් කරගනිමින් ආරම්භ කළ මෙම මාරාන්තික උපවාසය අද වන විට දින 05ක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, මේ දක්වා ආණ්ඩු පාර්ශ්වයෙන් සිය ගැටලුවලට කිසිදු සාධනීය විසඳුමක් හෝ පිළිතුරක් ලැබී නොමැති බව එම සංගමයේ ලේකම්වරයා අවධාරණය කළේය.
මෙම වෘත්තීය අරගලයට නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් විවිධ සිවිල් සංවිධාන රැසක් ඒකරාශී වී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සිය විරෝධය පළ කිරීමට තීරණය කර ඇති බවත්, එමගින් රජයට බලපෑම් කිරීමට අපේක්ෂා කරන බවත් සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්
රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් චක්‍රලේඛයක්
ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පිහිටෙන් උපරිම ප්‍රයෝජන ගත් දේව්දත් පඩික්කල්
නොසිතූ මොහොතක සිදු වූ බිහිසුණු අනතුර සිසු ජීවිත දෙකක් උදුරා ගනී