මුහුදේ අතරමං වූ සිය මව සහ සහෝදර සහෝදරියන් බේරාගැනීම සඳහා පැය හතරකට අධික කාලයක් රළු මුහුදේ පිහිනා ගොඩබිමට පැමිණි 13 හැවිරිදි වීරෝදාර දරුවෙකු පිළිබඳ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.
ලොවම මවිත කළ මෙම සිදුවීම පසුගිය සති අන්තයේ බටහිර ඔස්ට්‍රේලියාවේ ක්යින්ඩලුප් (Quindalup) වෙරළට ආසන්න මුහුදේදී සිදුවිය.
13 හැවිරිදි ඔස්ටින් ඇපල්බී නම් මෙම දරුවා සිය 47 හැවිරිදි මව, 12 හැවිරිදි සහෝදරයා සහ 8 හැවිරිදි සහෝදරිය සමඟ බෝට්ටු සංචාරයක නිරතව සිටියදී අනපේක්ෂිත ලෙස රළු වූ සුළඟට හසුවී ඔවුන්ගේ බෝට්ටුව මුහුද දෙසට ගසාගෙන ගොස් තිබේ.
කිසිදු සන්නිවේදන පහසුකමක් නොමැතිව අසරණ වූ මොහොතේ, තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් උදව් රැගෙන ඒමට ඔස්ටින් තනිවම මුහුදට පැන පිහිනීමට තීරණය කර ඇත.
සන්ධ්‍යා අඳුර මැද කිලෝමීටර 4කට ආසන්න දුරක් පැය 4ක් පුරා පිහිනූ ඔස්ටින්, ගමනට බාධාවක් වූ බැවින් තමා පැළඳ සිටි ආරක්ෂිත කබාය පවා අතරමගදී ඉවත් කර තිබේ.
දැඩි වෙහෙස නොතකා ධනාත්මක සිතුවිලි පෙරදැරි කරගනිමින් අවසානයේ ගොඩබිමට ළඟා වූ ඔහු, වෙරළේ තිබූ මවගේ දුරකථනයෙන් වහාම හදිසි ඇමතුම් අංශ දැනුවත් කර ඇත.
ඔස්ටින්ගේ තොරතුරු මත ක්‍රියාත්මක වූ සහන සේවා කණ්ඩායම් හෙලිකොප්ටර් සහ බෝට්ටු යොදා ගනිමින් සිදුකළ සෝදිසියකදී, ගොඩබිම සිට කිලෝමීටර 14ක් පමණ ඈත මුහුදේ පාවෙමින් සිටි මව සහ දරු දෙදෙනා රාත්‍රී 8.30ට පමණ නිරුපද්‍රිතව බේරාගැනීමට සමත් විය.
උදව් ඉල්ලා අවසානයේ ක්ලාන්ත වී ඇද වැටුණු ඔස්ටින් සහ මුදාගත් අනෙක් පවුලේ සාමාජිකයන් රෝහල් ගත කෙරුණු අතර, ඔවුන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවේ.
තමා ගොඩබිමට පැමිණි මොහොතේ එය සිහිනයක් දැයි සිතුණු බව මාධ්‍ය වෙත පැවසූ ඔස්ටින්ගේ මෙම අදහාගත නොහැකි කැපවීම බලධාරීන්ගේ පැසසුමට ලක්ව ඇත.
ලෝකයම අද ඔස්ටින්ව හඳුන්වන්නේ අසාමාන්‍ය ශක්තියක් ඇති “සුපිරි මිනිසෙකු” (Superhuman) ලෙසිනි.

කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්