නවතම යුනෙස්කෝ වාර්තා අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට එහා ගිය අධ්‍යාපන පරිවර්තනයකට කඩිනමින් අප ගමන් කළ යුතු ව තිබෙන පසුබිමක අදියර කිහිපයක් ඉදිරියට යමින් ලබන අවුරුද්දේ දී 10 ශ්‍රේණියට කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
සියලු ම ගුරුවරුන් තාක්ෂණය සඳහා පුහුණු කළ යුතු ව ඇති බවත් පාසලෙන් ආරම්භ වී විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම පෘථුල පරිවර්තනයකට ලක් කළ යුතු බවත් හෙතෙම පැවසී ය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ කලාපයේ පැවති, එම කලාපයේ තෝරාගත් පෝෂණ අවශ්‍යතා සහිත පාසල් සඳහා දිවා ආහාරය සකසා ගැනීමට අවශ්‍ය ඉවුම් පිහුම් කට්ටල ලබාදීමේ උත්සවයකට එක්වෙමිනි.
අමාත්‍යවරයාගේ ඉල්ලිම පරිදි කඩුවෙල ඇලුමිනියම් කර්මාන්ත සංගමය මෙම උපකරණ පරිත්‍යාග කරන ලදි.
නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ඉදිරියේ දී දිපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි