2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී පන්දු 19කින් ලකුණු 44ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කරදුන් කමිඳු මෙන්ඩිස්, තරගයෙන් පසුව සිය අනාගතය සහ කණ්ඩායමේ තේරීම් පිළිබඳව සුවිශේෂී අදහස් කිහිපයක් පළ කළා.
මෑතකදී ශ්‍රී ලංකා සංචිතයේ සිදුවූ වෙනස්කම් සහ ධනංජය ද සිල්වා ඉවත් කර තමන්ව සංචිතයට එක් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණා. ඒ පිළිබඳව අදහස් දක්වමින් කමිඳු කියා සිටියේ තමන් කණ්ඩායමට තේරීම හෝ නොතේරීම පිළිබඳව අනවශ්‍ය ලෙස කල්පනා නොකරන බවයි.
“මම රට නියෝජනය කරපු මුල් කාලෙත් මට ඒ වගේ අවස්ථා හම්බවුණා. ඉතින් මම ඒ අත්දැකීම් භාවිත කරනවා. මොකද අපි කණ්ඩායමට තේරෙන එක හෝ නොතේරෙන එක තීරණය කරන එක මගේ ජොබ් එක නෙමෙයි. මට පුළුවන් විදිහට උපරිමයෙන් රට වෙනුවෙන් සෙල්ලම් කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව,” යනුවෙන් ඔහු පැවසුවා.
තවදුරටත් අදහස් දැක්වූ කමිඳු මෙන්ඩිස් සඳහන් කළේ තමාගේ පාලනයෙන් බැහැර දේවල් ගැන කරදර වෙනවාට වඩා, තමන්ගේ කණ්ඩායම සහ තමන්ට පැවරෙන වගකීම පිළිබඳව අවධානය යොමු කිරීම සාර්ථකත්වයට හේතුව වූ බවයි. “මම හිතනවා මගේ පාලනය යටතේ නැති දේවල් ගැන හිතලා Worry වෙනවට වඩා, මගේ ටීම් එක ගැන Focus කරන එක මම මේ දවස් ටිකේම කරා. ඒ නිසා ටීම් එකට අවශ්‍ය වුණු වෙලාවේ මට පුළුවන් උපරිමය මම කරා.”
අයර්ලන්තයට එරෙහිව කමිඳු පෑ මෙම දක්ෂතාවය හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙසද පිදුම් ලැබුවා.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්