රූපලාවන්‍ය ආයතනවල දී කොණ්ඩය කැපීමේ දී පවා HIV වෛරසය වැළඳීමේ හැකියාවක් පවතින බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට පවසනවා.
මෙහිදී අදහස් දැක්වු වෛද්‍යවරයා කියා සිටියේ “සැලූන් එකක කොණ්ඩය කපන කොට වුණත් බ්ල්ඩේ එක මාරු කරන්න ඕනේ පුද්ගලයාගෙන් පුද්ගලයාට HIV වෛරසය බෝවෙන එක ක්‍රමයක් තමා හම කඩතොලුවීමක් තුළින් ඒ විෂබීජ ඇතුළුවීමෙන්.
ඒ වගේ ක්‍රියාවලියක් සිදුවෙන හැම වෙලාවකම ඒ පිළිබඳ නියම ප්‍රමිතීන් අනුව කරන්න ඕනේ. ඒක සමහරවිට අපේ කොණ්ඩය කැපීම තුළත් එය සිදු වීමට හැකියාව පවතින බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට පවසනවා.
එම නිසා එකම උපකරණය භාවිත කරන්නේ නැතිව රෝම ඉවත්කිරීම සිදු කර යුතු අතර ටැටූ ගැසීමේදී භාවිත කරන ඉදිකටු වෙනස් විය යුතුයි.
HIV සහ හෙපටයිටිස් B වැනි රෝග දෙක ඒ වගේ ක්‍රමවලින් බෝවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා නිසි ප්‍රමිතියක් ඇති තැන්වලින් එවැනි දේට යොමු වීම වැදගත් බව වෛද්‍ය වරයා සඳහන් කළා.
අද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමුනියි වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු