රූපලාවන්‍ය ආයතනවල දී කොණ්ඩය කැපීමේ දී පවා HIV වෛරසය වැළඳීමේ හැකියාවක් පවතින බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට පවසනවා.
මෙහිදී අදහස් දැක්වු වෛද්‍යවරයා කියා සිටියේ “සැලූන් එකක කොණ්ඩය කපන කොට වුණත් බ්ල්ඩේ එක මාරු කරන්න ඕනේ පුද්ගලයාගෙන් පුද්ගලයාට HIV වෛරසය බෝවෙන එක ක්‍රමයක් තමා හම කඩතොලුවීමක් තුළින් ඒ විෂබීජ ඇතුළුවීමෙන්.
ඒ වගේ ක්‍රියාවලියක් සිදුවෙන හැම වෙලාවකම ඒ පිළිබඳ නියම ප්‍රමිතීන් අනුව කරන්න ඕනේ. ඒක සමහරවිට අපේ කොණ්ඩය කැපීම තුළත් එය සිදු වීමට හැකියාව පවතින බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට පවසනවා.
එම නිසා එකම උපකරණය භාවිත කරන්නේ නැතිව රෝම ඉවත්කිරීම සිදු කර යුතු අතර ටැටූ ගැසීමේදී භාවිත කරන ඉදිකටු වෙනස් විය යුතුයි.
HIV සහ හෙපටයිටිස් B වැනි රෝග දෙක ඒ වගේ ක්‍රමවලින් බෝවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා නිසි ප්‍රමිතියක් ඇති තැන්වලින් එවැනි දේට යොමු වීම වැදගත් බව වෛද්‍ය වරයා සඳහන් කළා.
අද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමුනියි වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ.