Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දු – පාකිස්තාන ගැටුම නැරඹීමට කටුනායකට පැමිණි පෞද්ගලික ජෙට් යානා 15

15 minutes ago

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (15) පැවති ඉන්දු – පාකිස්තාන විස්සයි20 ලෝක කුසලාන තරගය නැරඹීම සඳහා ලොව පුරා විසිරී සිටින ධනවත් ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් පෞද්ගලික ජෙට් ගුවන් යානා මගින් දිවයිනට පැමිණ තිබේ.

වාර්තා වන පරිදි පසුගිය 14 වනදා සිට ඉන්දියාව සහ පාකිස්තානය ඇතුළු රටවල් ගණනාවක සිට පෞද්ගලික ජෙට් යානා 15 ක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

මෙලෙස පැමිණි ප්‍රභූ පිරිස අතර පාකිස්තාන ක්‍රීඩා අමාත්‍යවරයා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ. ෂාහ් මහතා මෙන්ම ලොව ප්‍රමුඛ පෙළේ කෝටිපති ව්‍යාපාරිකයන් රැසක් ද සිටි බව සඳහන් වේ.

තරගය අවසන් වීමෙන් අනතුරුව ඔවුන් මේ වන විටත් එම ගුවන් යානා මගින්ම නැවත දිවයිනෙන් පිටව ගොස් ඇත.

මතභේදාත්මක වාතාවරණයක් මධ්‍යයේ පැවති මෙම තීරණාත්මක තරගයෙන් පාකිස්තානය පරදවා ලකුණු 61 ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *