Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තමිල්නාඩු මහ ඇමැති ලාංකික සරණාගතයන්ට සරණක් ඉල්ලයි

1 hour ago

තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික සරණාගතයින් 89,000කට වැඩි පිරිසකට ඉන්දියානු පුරවැසිභාවය හෝ දීර්ඝ කාලීන වීසා බලපත්‍ර ලබා දෙන ලෙස තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

තමිල්නාඩු ප්‍රාන්ත මහ මැතිවරණයට මාස දෙකකටත් වඩා අඩු කාලයක් තිබියදී ස්ටාලින් මහතා මෙම ඉල්ලීම සිදු කිරීම දේශපාලනික වශයෙන් විශේෂත්වයක් ගනී.

ශ්‍රී ලංකාවෙන් පැමිණ එහි වාසය කරන ජනතාවට ව්‍යවස්ථාමය සහ මානුෂීය විසඳුමක් ලබා දීම කාලීන අවශ්‍යතාවක් බව ඔහු පෙන්වා දෙයි.

සිය ඉල්ලීම ඇතුළත් ලිපිය මගින් මහ ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 1983 වසරේ සිට පැවති විවිධ තමිල්නාඩු රජයන්, මධ්‍යම රජය සමඟ එක්ව දශක හතරකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට අවශ්‍ය මානුෂීය සහාය ලබා දුන් බවයි.

දැනට එහි වෙසෙන 89,000ක පිරිසෙන් බහුතරයක් වසර 30කට වැඩි කාලයක් තමිල්නාඩුවේ වාසය කරන බවත්, ඉන් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් උපත ලබා ඇත්තේ ද තමිල්නාඩු ප්‍රාන්තයේම බවත් ස්ටාලින් මහතා අවධාරණය කර සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *