මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇතැයි වාර්තා වේ. ඔහුගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් මීට හේතු වී තිබේ.
පසුගිය 16 වනදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවන තරගය අතරතුර මතීෂ මෙම ආබාධයට ලක්ව ඇත. පිටිය තුළ පන්දු රකිමින් සිටියදී ඇති වූ මෙම අපහසුතාවය හේතුවෙන් ඔහුව වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට යොමු කර ඇති අතර, ඉන් අනතුරුව තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට ඔහුට නොහැකි බව තහවුරු වී තිබේ.
තරගාවලියේ තීරණාත්මක අදියරක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් කරමින් සිටියදී, සිය ප්‍රධානතම වේගපන්දු අවියක් අහිමි වීම කණ්ඩායමේ සැලසුම්වලට දැඩි බලපෑමක් වනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ පවසති. මතීෂ පතිරණ වෙනුවට කණ්ඩායමට කැඳවන ක්‍රීඩකයා කවුරුන්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

මතීෂ පතිරණ වෙනුවට වනිඳු හසරංග සංචිතයට?
ඊයේ දිනයේ 887ක් අත්අඩංගුවට
ජනපති අනුර හා ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත අතර හමුවක්
දකුණු අප්‍රිකාවට පහසු ජයක්
හිටපු ජනපති රනිල්ගේ බිරිඳට FCIDයෙන් කැඳවීමක්
මධුශංක, බිනුර සහ තුෂාර අතරින් ලෝක කුසලාන වරම් කාටද?
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
පැතුම් නිස්සංක දැවැන්ත පිම්මක් පනී
බැංකුවලින් වැඩි පොලී ගත්තොත් අපිට කියන්න! මහ බැංකුවෙන් ජනතාවට දැනුම්දීමක්!
ඩේවිඩ් පීරිස් වෙතින් යළිත් KTM මෝටර් සයිකල් ශ්‍රී ලංකා වෙළෙද පොළට හඳුන්වා දෙයි (ඡායාරූප)
බාර් වසා තැබෙන දින 19ක් ගැන නිවේදනයක්
නීතිඥවරයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය ගැන GMOA එකෙන් නිවේදනයක්