Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මඩකලපුවට මි.මී. 100 ඉක්ම වූ වැස්සක්

7 hours ago

දිවයිනට ගිනිකොන දෙසින් දකුණු බෙංගාල බොක්කේ මධ්‍යම මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම තත්ත්වය හේතුවෙන් ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇද හැලී ඇති අතර, ඊයේ (17) දිනය තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මඩකලපුව ප්‍රදේශයෙන් මිලිමීටර් 128.9ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

මේ අතර දිවයිනේ අවම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 13.4ක් නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පවතින කාලගුණ විපර්යාස හමුවේ නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

මුහුදු ප්‍රදේශ පිළිබඳව අදහස් දක්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

මුහුදේ රළු ස්වභාවය පිළිබඳව ද කාලගුණ අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර එහි සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 30-40ත් අතර වේ.

කෙසේ වෙතත්, කළුතර සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *