මෙම හමුවේදී අදහස් දක්වමින් ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව පෙන්වන කාර්ය සාධනය ඉතා සාර්ථක මට්ටමක පවතින බවයි. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයෙන් පසු මෙරට සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඉටුකළ කැපී පෙනෙන කාර්යභාරය ඇයගේ ඇගයීමට ලක්විය.
විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කර තිබේ. එසේම, මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව නිම කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන සක්‍රීය දායකත්වය ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අගය කර ඇත.
අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කර ඇති ජෝර්ජිවා මහත්මිය එමඟින් ආර්ථිකය තිරසාර ලෙස පවත්වාගෙන යමින් රට තුළ ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව සඳහන් කර තිබේ.

පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)
ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි
ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව