ආබාධයට ලක්ව සිටින ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමි වන බව තහවුරු වී තිබේ. ඕස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයේදී ඔහුගේ කලව ප්‍රදේශයේ ඇති වූ මස්පිඩු ආබාධය හේතුවෙන් මතීෂට සති 4ක පූර්ණ විවේකයක් අවශ්‍ය බව භෞත චිකිත්සකවරයා නිර්දේශ කර ඇත.
මතීෂ පතිරණ වෙනුවට සංචිතයට එක්කර ගන්නා ක්‍රීඩකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය ක්‍රීඩකයින් තිදෙනෙකු වෙත යොමුව තිබේ
- ඩිල්ෂාන් මධුශංක
- නුවන් තුෂාර
- බිනුර ප්‍රනාන්දු
ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙයින් ඩිල්ෂාන් මධුශංක හට සංචිතයට එක්වීමට වැඩි අවස්ථාවක් පවතින බවයි. මතීෂගේ වෛද්‍ය වාර්තා ලැබුණු පසු, අදාළ ආදේශක ක්‍රීඩකයාගේ නම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තාක්ෂණික කමිටුව වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇත.
මතීෂ පතිරණට අමතරව ලෝක කුසලාන සංචිතයේ සිටින තවත් ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු වන වනිඳු හසරංග සහ එෂාන් මාලිංග ද මේ වන විට ආබාධවලට ලක්ව සිටීම ශ්‍රී ලංකා පිලට විශාල අභියෝගයක් වී තිබේ.

ඊයේ දිනයේ 887ක් අත්අඩංගුවට
ජනපති අනුර හා ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත අතර හමුවක්
දකුණු අප්‍රිකාවට පහසු ජයක්
හිටපු ජනපති රනිල්ගේ බිරිඳට FCIDයෙන් කැඳවීමක්
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
පැතුම් නිස්සංක දැවැන්ත පිම්මක් පනී
බැංකුවලින් වැඩි පොලී ගත්තොත් අපිට කියන්න! මහ බැංකුවෙන් ජනතාවට දැනුම්දීමක්!
ඩේවිඩ් පීරිස් වෙතින් යළිත් KTM මෝටර් සයිකල් ශ්‍රී ලංකා වෙළෙද පොළට හඳුන්වා දෙයි (ඡායාරූප)
බාර් වසා තැබෙන දින 19ක් ගැන නිවේදනයක්
නීතිඥවරයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය ගැන GMOA එකෙන් නිවේදනයක්
මඩකලපුවට මි.මී. 100 ඉක්ම වූ වැස්සක්
අගමැතිනිය සහ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අතර හමුවක්