මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පරුෂ වචනයෙන් බැන වැදී, එම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහළ කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (17) කතරගම වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ආසන පටි නොමැති වීම හේතුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට පොලීසිය අවසර ලබා නොදීම නිසා මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබේ.
එහිදී බස් රථයේ සිටි පිරිස සහ පොලීසිය අතර ඇති වූ බහින්බස් වීමේදී ජනාධිපතිවරයාගේ නම පවසමින් පරුෂ වචනයෙන් අපහාස කර ඇති අතර, එම අවස්ථාව වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.
විධායක ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ අපහාස කරමින් අශෝභන ලෙස හැසිරුණු එම පිරිසට එරෙහිව නිසි නීතිමය පියවර නොගැනීම හේතුවෙන්, එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි මත්තල අධිවේගී පිවිසුමේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
ඒ අනුව, අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයටත්, අනෙක් නිලධාරීන් දෙදෙනා කොට්ටාව සහ කඩවත පොලිස් ස්ථාන වෙතත් මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.

වනිඳු හසරංග වෙනුවට නම් කළ ක්‍රීඩකයා මෙන්න
ඊයේ දිනයේ 887ක් අත්අඩංගුවට
ජනපති අනුර හා ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත අතර හමුවක්
දකුණු අප්‍රිකාවට පහසු ජයක්
හිටපු ජනපති රනිල්ගේ බිරිඳට FCIDයෙන් කැඳවීමක්
මධුශංක, බිනුර සහ තුෂාර අතරින් ලෝක කුසලාන වරම් කාටද?
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
පැතුම් නිස්සංක දැවැන්ත පිම්මක් පනී
බැංකුවලින් වැඩි පොලී ගත්තොත් අපිට කියන්න! මහ බැංකුවෙන් ජනතාවට දැනුම්දීමක්!
ඩේවිඩ් පීරිස් වෙතින් යළිත් KTM මෝටර් සයිකල් ශ්‍රී ලංකා වෙළෙද පොළට හඳුන්වා දෙයි (ඡායාරූප)
බාර් වසා තැබෙන දින 19ක් ගැන නිවේදනයක්
නීතිඥවරයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය ගැන GMOA එකෙන් නිවේදනයක්