එක්සත් රාජධානියේ කාඩිෆ් (Cardiff) නුවරදී සිය බිරිඳ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට එරට අධිකරණයක් විසින් ඊයේ (20) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී.
මෙලෙස සිරදඬුවම් නියම වූයේ තිසර වේරගලගේ නම් පුද්ගලයෙකුටය.
ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි නිරෝධා නිවුන්හැල්ල නම් කාන්තාවකි. මෙම යුවළ 2017 වසරේදී ශ්‍රී ලංකාවේදී විවාහ වී වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයට ගොස් ඇති අතර, පවුල් ආරවුල් හේතුවෙන් 2025 අප්‍රේල් මාසයේ සිට වෙන් වෙන්ව ජීවත් වී ඇත. නිරෝධා මහත්මිය වෙනත් පුද්ගලයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඇති වූ කෝපය මෙම ඝාතනයට හේතු වී තිබේ.
පසුගිය වසරේ අගෝස්තු 21 වනදා කාඩිෆ් හි රථගාලකදී සැකකරු විසින් සෙන්ටිමීටර 15ක දිගැති උල් පිහියකින් සිය බිරිඳට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර ඇත. ඇයගේ මුහුණ, බෙල්ල, පපුව ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ මෙම ප්‍රහාරයේ දරුණු බව කෙතරම්ද යත්, භාවිත කළ පිහියේ මිට පවා කැඩී ගොස් තිබූ බව අධිකරණයේදී අනාවරණය විය. ඇය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
නඩු විභාගය ආරම්භයේදී චෝදනා ප්‍රතික්ෂේප කළද, පසුගිය ජනවාරි මාසයේදී විත්තිකරු සිය වරද පිළිගත්තේය.
ඒ අනුව කරුණු සලකා බැලූ බ්‍රිතාන්‍ය අධිකරණය ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරමින් ඊයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්