කොළඹ ගම්පහ තරුණ තරුණියන් අතර රසායනික ලිංගික ක්‍රියා ඉහශ්‍රී ලංකාවේ කොළඹ නගරය ආශ්‍රිත තරුණ තරුණියන් අතර රසායනික ලිංගික ක්‍රියා ඉහළ ගොස් ඇති බවත් එය ලිංගාශ්‍රීත රෝග බෝ වීම ඉහළ යෑමට එය හේතුවක් වී ඇති බවත් ජාතික ලිංගාශ්‍රීත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි ‘ඩේලි මිරර්’ වෙත පවසා තිබේ.
‘රසායනික ලිංගික ක්‍රියා එසේත් නැතිනම් ‘කෙම්සෙක්ස්’ (chemsex) ලෙස වඩාත් ප්‍රචලිත ලිංගික ක්‍රියාවන් මේ වන විට වයස අවුරුදු 18 – 30ත් අතර තරුණ තරුණියන් අතර බහුලව දක්නට ලැබෙන බව වෛද්‍යවරිය සඳහන් කරයි.
මීට හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යෑමයි. ‘කෙම්සෙක්ස්’ යනු මෙතම්ෆෙටමින් (methamphetamine) හෙවත් අයිස් වැනි මත්ද්‍රව්‍ය ලබාගෙන මත් වීමෙන් පසුව ලිංගිකව හැසිරීම වෙන අතර ප්‍රධාන වශයෙන්ම පිරිමි හා පිරිමි ලිංගිකව හැසිරීමේදී මෙය සිදු වේ.
ඔවුන් සිය ලිංගික අත්දැකීම් පහසු කර ගැනීමට, දිගු කර ගැනීමට හෝ තිව්‍ර කර ගැනීමට ලිංගික ක්‍රියාකාරම්වලට පෙර හෝ අතරතුර මත්ද්‍රව්‍ය ලබා ගනු ලබයි.
“මෙතම්ෆෙටමින් (methamphetamine) (අයිස්), මෙෆෙඩ්‍රෝන් (mephedrone) හා කෙටමින් (ketamine)වැනි මත්ද්‍රව්‍ය වර්ග හතරක් කෙම්සෙක්ස් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ළඟ අයිස් මත්ද්‍රව්‍ය තියෙන නිසා තරුණයින් අතර අයිස් භාවිතය වැඩි වෙලා. ඔවුන් අයිස් භාවිතා කරලා ඉන්පස්සේ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙනවා. බස්නාහිර පළාතේ කෙම්සෙක්ස් කණ්ඩායම් ඉන්නවා. ඔවුන් මෙහි භයානකකම දන්නේ නෑ. ගම්පහ කොළඹ නගරවල තමයි මේ තත්ත්වය වැඩි වශයෙන් තියෙන්නේ. විශේෂයෙන්ම කොළඹ කෙම්සෙක්ස් ගොඩක් ප්‍රචලිත වෙලා.”
වෛද්‍ය හෙට්ටිආරච්චි පවසයි.
කෙම්සෙක්ස් හේතුවෙන් තරුණයින් අතර එච්අයිවී, ගොනෝරියා හා සිෆිලිස් වැනි ලිංගාශ්‍රීත රෝග අසාදනය ද වැඩි වී ඇති අතර ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බොහොමයක් රෝගීන් එම රෝගය ගොදුරු වූ ආකාරය හෙළි නොකරන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
සිවරාජා අනෝජන් බේරාගැනීමට ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුමක්
පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!