මැතිවරණ සිතියම අනුව මීළඟට මුලින්ම එනු ඇත්තේ පුංචි ඡන්දයයි.
ලබන වසරේ මාර්තු වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රකාශ කර තිබේ. එහෙත් විපක්ෂය ඉල්ලන්නේ කඩිනමින් මහ මැතිවරණයකි.
කෙසේ නමුදු මේ වන විට පළාත් පාලන ආයතන බොහෝමයක බලය ඇත්තේ පොදුජන පෙරමුණටය.
එහෙත් පසුගිය වසර දෙකහමාර තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් ‘ගමට සෙත’ සැලසීමට නොහැකි වීම හේතුවෙන් පුංචි සභාවල මන්ත්‍රිවරු මැතිවරණය ප්‍රතික්ෂේප කරති. ‘‘අපට ගමට යන්න බැහැ. ඡන්දය ඉල්ලන්න බැහැ.’’ මන්ත්‍රිවරු කියති.
එම මන්ත්‍රිවරු සිය ගැටලුව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා නායකත්වය දෙන නිදහස ජනතා සභාවටද ඉදිරිපත් කර තිබුණි.
පුංචි ඡන්දයද ජනපතිවරණයද
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අසාර්ථක වීම, විපක්ෂයට පොදු අපේක්ෂකයකු සොයා ගෙන සන්ධානගත වීමට කාලයක් නොමැති වීම යන කරුණු මත ජනාධිපතිවරණයක් කැඳවා බලය තහවුරු කර ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ.
මේ පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද මෙම සතියේ දී සිය හිතවතුන් පිරිසකට අදහස් දක්වා තිබිණි. හදිසි ජනාධිපතිවරණයක් කැඳවුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගයද වත්මන් ජනාධිපතිවරයාට දීමටද අවධානය යොමු වී ඇති බව සඳහන්ය.
-අරුණ-

ඉරාන නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්?
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්න! ජනතාවට අනතුරු ඇඟවීමක්!
උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි