පොළොන්නරුව, වැලිකන්ද, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ(06) රාත්‍රියේ ගැටුමක් ඇතිව තිබෙනවා.
ගැටුම හේතුවෙන් රැඳවියන් 50කට ආසන්න පිරිසක් ඉන් පලාගොස් ඇති අතර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ එම රැඳවියන් සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇති බවය.
තත්ත්වය පාලනය කිරීමට කිරීමට පොලීසිය හා යුද හමුදාව කැඳවා ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.
මේ අතර මෙම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනෙකු ප්‍රතිකාර සඳහා මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.
පළා ගිය රැඳවියන් අතරින් රැඳවියන් 35 දෙනෙකු පමණ මේ වන විට නැවත භාර වී ඇති බවයි වාර්තා වන්නේ.

සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් චක්‍රලේඛයක්
ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පිහිටෙන් උපරිම ප්‍රයෝජන ගත් දේව්දත් පඩික්කල්
නොසිතූ මොහොතක සිදු වූ බිහිසුණු අනතුර සිසු ජීවිත දෙකක් උදුරා ගනී
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්
විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කරයි
ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්
කෝටි හතක් වටිනා ගංජා තොගයක් සමඟින් කොටු වූ සැකකරු
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා