Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කන්දකාඩු උණුසුම් වෙයි! රැඳවියන් පිරිසක් පැන යයි!

2 years ago 2.8 K

පොළොන්නරුව, වැලිකන්ද, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ(06) රාත්‍රියේ ගැටුමක් ඇතිව තිබෙනවා.

ගැටුම හේතුවෙන් රැඳවියන් 50කට ආසන්න පිරිසක් ඉන් පලාගොස් ඇති අතර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ එම රැඳවියන් සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇති බවය.

තත්ත්වය පාලනය කිරීමට කිරීමට පොලීසිය හා යුද හමුදාව කැඳවා ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.

මේ අතර මෙම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනෙකු ප්‍රතිකාර සඳහා මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.

පළා ගිය රැඳවියන් අතරින් රැඳවියන් 35 දෙනෙකු පමණ මේ වන විට නැවත භාර වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *