එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය (ACB) තීරණය කර තිබේ. මෙම තරගාවලිය මාර්තු 13 වන දින ආරම්භ වීමට නියමිතව තිබුණි.
කලාපීය වශයෙන් පවතින උණුසුම්කාරී යුදමය වාතාවරණය මීට ප්‍රධාන හේතුව වී ඇත.
ඒ අනුව, මෙම තරගාවලිය 2026 වසරේ අවසන් කාර්තුව දක්වා කල් දැමීමට පියවර ගෙන ඇති බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මෙම තරගාවලිය විශේෂ වන්නේ ඇෆ්ගනිස්තානය විසින් ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබා දෙන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වීමට නියමිතව තිබූ බැවිනි. කෙසේ වෙතත්, ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහ පවතින අභියෝගාත්මක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්