මහනුවර, මහියාව ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් එම පාසලේම ඉගෙනුම ලබන හත් හැවිරිදි පිරිමි දරුවෙකු අද (12) දින ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද උදෑසන 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ අදාළ පාසලේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුට අයත් වාහනයක් මගිනි. වාර්තා වන අන්දමට, අධ්‍යක්ෂවරයා සිය වාහනය පාසල් භූමියේ නවත්වා ඉන් බැස ගිය පසුව, වාහනයේ පැවති තිරිංග (Brakes) දෝෂයක් හේතුවෙන් එය එක්වරම ඉදිරියට ක්‍රියාත්මක වී තිබේ.
ඒ අවස්ථාවේදී පාසල් භූමියේ වතුර පානය කරමින් සිටි දරුවන් දෙදෙනෙකු මෙම වාහනයට යටවී ඇති අතර, බරපතල තුවාල ලැබූ එක් දරුවෙකු ජීවිතක්ෂයට පත්විය. අනතුරින් තුවාල ලැබූ අනෙක් සිසුවා මේ වන විට මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී.
අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් වාහනයේ හිමිකාර අධ්‍යක්ෂවරයා පොලිසියට පවසා ඇත්තේ තමා වාහනය නිසි පරිදි නවතා ඉන් බැස ගිය බවත්, අනතුර සිදුව ඇත්තේ ඉන් අනතුරුව බවත්ය. කෙසේ වෙතත්, වාහනයේ කාර්මික දෝෂයක් හෝ තිරිංග ක්‍රියාවිරහිත වීම මෙයට හේතුවන්නට ඇතැයි සැක කෙරේ.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්