Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය

1 month ago

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ ඉහළ ගිය තෙල් මිල පාලනය කිරීම සඳහා අමෙරිකාව සතු උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයෙන් තෙල් බැරල් මිලියන 172ක් මුදා හැරීමට තීරණය කර තිබේ.

අමෙරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් මහතා ප්‍රකාශ කළේ, පවතින ගැටුම්කාරී වතාවරණය හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයට එල්ල වී ඇති බලපෑම අවම කිරීම මෙම පියවරේ මූලික අරමුණ බවයි.

මෙම තෙල් ප්‍රමාණය මුදා හැරීම, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට (International Energy Agency) අයත් රටවල් 32ක් එක්ව තෙල් බැරල් මිලියන 400ක් වෙළඳපොළට නිකුත් කිරීමට එළඹි පුළුල් එකඟතාවයේ කොටසක් බව ද හෙතෙම පැහැදිලි කළේය.

අදාළ තෙල් බෙදාහැරීමේ කටයුතු ලබන සතියේ සිට ආරම්භ වීමට නියමිත අතර, එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා දින 120ක පමණ කාලයක් ගතවනු ඇතැයි බලශක්ති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම පියවරත් සමඟ ඉදිරි සති කිහිපය තුළ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලෙහි යම් ස්ථාවරත්වයක් අපේක්ෂා කෙරේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *