ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ලිංගික අතවර චෝදනා එල්ල කළ ඔස්ට්‍රේලියානු තරුණිය විසින් එම සිද්ධිය සමතයකට පත්කර ගැනීම සදහා ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකගේ පාර්ශ්වය එකගතාව පළ නොකිරීම හේතුකොට ගෙන මේ වනවිට අදාළ මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 25,000 දක්වා අඩු කිරීමට එම කාන්තාව කටයුතු කර ඇති බව පැවසේ.
දැනගන්නට ඇති ආකාරයට මෙවැනි තරුණියන් පුරුද්දක් ලෙස ප්‍රකට ක්‍රීඩකයන්, කලාකරුවන් සමග ‘ඩේටින් ඇප්’ ඔස්සේ හදුනාගෙන මේ අයුරින් පුරුද්දක් ලෙස මුදල් උපයන බවට අනාවරණය වී ඇති අතර එවැනි කණ්ඩායම් රැසක්ම ඔස්ට්‍රේලියාවේ සිටින බවද දැනගන්නට ලැබී තිබේ.
ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධියද එවැන්නක් බවට ඔහුගේ පාර්ශ්වයෙන් පැවසෙන බැවින් ඒ පිළිබද නීති මාර්ගයෙන් කටයුතු කිරීමට හෙතෙම තීරණය කොට ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මේ වනවිට ධනුෂ්ක ගුණතිලකව සිරගත කොට සිටින අතර එම නීති කටයුත්ත අවසන් වීමට මාස 10කට අධික කාලයක් ගත වනු ඇති බව ඔස්ට්‍රේලියානු ආරංචිමාර්ග සදහන් කරයි.

බ්‍රිතාන්‍ය ඉන්ධන නැවකට ප්‍රහාරයක්
තාත්තට ඇවිටිලි කර සාදාගත් එකලස් කළ යතුරු පැදිය පාසල් සිසුවාට මරු කැඳවයි
ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්
ඉස්සර නම් අනුර මාත් එක්ක රෑට පැය ගණන් කෝල් එකේ ඉන්නවා – දයාසිරි ජයසේකර
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) නව සභාපතිවරයෙක්
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා ගැන පැහැදිලිකිරීමක්
‘මිස්ටර් කොත්තු’ හිමිකරුට වැඩ වරදින ලකුණු
අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙ.සහකාර ලේකම්වරයා ගැන තොරතුරු රැසක් එළියට
අමෙරිකාවෙන් ඉරානයට යළිත් ප්‍රහාර
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල්
සුරේෂ් සලේට හෘදයාබාධයක්
සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්