කොළඹ නගර සභා බල ප්‍රදේශයේ වතු නිවාස ආශ්‍රිත වතු නිවාස තුළ ප්‍රමාණය ඉක්මවා අධික පිරිසක් ජීවත්වීම සහ අපිරිසුදුකම හේතුවෙන් ක්ෂය රෝගය සීග්‍රයෙන් ව්‍යාප්තවන බව ක්ෂය රෝග මර්දන සහ ශ්වසන රෝග සඳහා වන ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය.
මේවනවිට මෙරට බෝවන රෝගවලින් වැඩි මරණ ප්‍රමාණයක් සිදුවන්නේද ක්ෂය රෝගයෙනි.
මෙම තත්ත්වය මත සතියකට ක්ෂය රෝගය හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනකු පමණ කොළඹ නගර සභා බලප්‍රදේශයන් තුළ මිය යන බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර පැවසුවාය. එසේම මේ වසරේ මේ දක්වා කාලය තුළ ක්ෂය රෝගින් හයදහසක් පමණ වාර්තා වී තිබේ.
සාමාන්‍යයෙන් වර්ෂයකට ක්ෂය රෝගය හේතුවෙන් මෙරට පුද්ගලයන් පන්සීයත් හයසියයත් අතර ප්‍රමාණයක් මිය යාමේ අවදානමක් ඇති බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය. දිවයිනේ සෑම ප්‍රධාන රෝහලකම ක්ෂය රෝගය සඳහා සායන පැවැත්වෙන අතර එම රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් වහාම එම සායනවලට ගොස් ප්‍රතිකාර ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දීමක් කරයි.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්