කොළඹ මැගසින් බන්ධනාගාරයේ ජල ටැංකියකට වැටීමෙන් එහි මාස එකහාමාරක් පුරාවට සිර දඬුවම් විඳිමින් සිටි 56 හැවිරිදි රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම පුද්ගලයා මාලිගාවත්ත මිරානියා ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම රැඳවියා අදාළ ටැංකිය මත වාඩි වී සිටියදීයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව මාස සිරදඩුවම් ලබමින් සිටි ඔහු දින 4 ක් නිරාහාරව සිට ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.