Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විසින් BAIC X55 රථ 1,000කට අධික සංඛ්‍යාවක් අලෙවි කරයි

19 hours ago

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සහ ශ්‍රී ලංකාවේ BAIC වාහන සඳහා එකම බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සිය 1,000 වැනි BAIC X55 රථය වෙ‌ළෙද පොළට මුදාහරිමින් පසුගියදා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. උසස් තත්ත්වයේ රථවාහන පාරිභෝගිකයා වෙත සමීප කරවීමට හා එම ක්‍රියාවලිය තුළ දේශීය අගය අඛණ්ඩව ඉහළ නැංවීමට සමාගම දක්වන කැපවීම මෙම ජයග්‍රහණය හරහා මනාව ඉස්මතු වේ.

මෙම ජයග්‍රහණය ඔස්සේ BAIC X55 මාදිලිය කෙරෙහි දේශීය වෙළෙඳ පොළේ ඇති ඉහළ ජනප්‍රියතාවය පමණක් නොව දේශීය නිෂ්පාදන හැකියාවන් ශක්තිමත් කිරීමේදී ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ලබා ඇති ස්ථාවර ප්‍රගතිය ද පෙන්නුම් කරනු ලබයි. නවීන සැලසුම්, උසස් තාක්ෂණය සහ ඉහළ කාර්ය සාධනය හේතුවෙන් BAIC X55 රථය ශ්‍රී ලාංකික පාරිභෝකයින්ගේ ආකර්ෂණය දිනාගෙන තිබේ. විශේෂයෙන් තනි මාදිලියක් ලෙස වාහන දහසක සීමාව පසු කිරීම සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැදින්විය හැකිය.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් අධ්‍යක්ෂ මහේෂ් ගුණතිලක මහතා මෙසේ පැවසුවේය. “ශ්‍රී ලංකාව තුළ තිරසාර සහ ශක්තිමත් මෝටර් රථ කර්මාන්තයක් ගොඩනැගීමේදී දේශීය අගය එකතු කිරීම ඉතා වැදගත් වෙනවා. එසේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න ප්‍රදේශයේ පිහිටි ඩේවිඩ් පීරිස් නිෂ්පාදන සංකීර්ණය දේශීය එකලස් කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කිරීමටත්, රැකියා අවස්ථා උත්පාදනය කරමින් ජාතික ආර්ථිකයට දායක වීමටත් නිරන්තරයෙන් කටයුතු කරනවා.”

තවද, නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිලස් සමාගම සතු කැපවීම මෙම සන්ධිස්ථානය හරහා යළිත් තහවුරු වී තිබේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල රථ වාහන හඳුන්වා දෙමින් දේශීය නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමට මේ හරහා සමාගම අපේක්ෂා කරනු ලබයි.

BAIC රථවාහන සඳහා වන ප්‍රධාන ප්‍රදර්ශනාගාරය බත්තරමුල්ල, පන්නිපිටිය මාර්ගයේ පිහිටා ඇති අතර කුරුණෑගල, මාතර, රත්නපුර සහ මහනුවර යන නගරවල ද ප්‍රදර්ශනාගාර පිහිටා ඇත. මීට අමතරව, කොළඹ (හයිඩ් පාර්ක් කෝනර්), මඩපාත සහ මාතර යන ප්‍රදේශවල විශේෂිත අලෙවියෙන් පසු සේවා මධ්‍යස්ථාන පිහිටා ඇති අතර දිවයින පුරා විහිදුණු සේවා නියෝජිත ජාලයක් මගින් පාරිභෝගිකයන්ට පහසුවෙන් නඩත්තු කටයුතු සිදු කර ගැනීමේ අවස්ථාව සලසා දී තිබේ.

එසේම  BAIC රථවාහන පිළිබඳ වැඩිදුර තොරතුරු 0114 700 678 අංකය ඇමතීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *