දශක පහකට වැඩි කාලයකට පසු සඳ බලා යන පළමු මිනිස් මෙහෙයුම වන Artemis II හි ගගනගාමීන් විසින් පෘථිවි කක්ෂයේ සිට ලබාගත් ප්‍රථම ඡායාරූප පෙළ නාසා (NASA) ආයතනය අද (03) නිල වශයෙන් මුදාහැර තිබේ. නාසා ආයතනය සිය නිල X ගිණුම ඔස්සේ මෙම ඡායාරූප පළ කර තිබුණේ “ඒ අපි!” (That’s us!) යන හැඟුම්බර ශීර්ෂ පාඨය ද සමඟිනි.
1972 වසරේ ඇපලෝ මෙහෙයුම්වලින් පසු සඳ වෙත ගමන් ගන්නා ‘ඔරායන්’ (Orion) අභ්‍යාවකාශ යානය, මෙහෙයුමේ පළමු දිනය පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින් සිය ජීවිත ආධාරක පද්ධති සහ වායු පද්ධති ඇතුළු අත්‍යවශ්‍ය උපාංගවල ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කළේය.
අභ්‍යාවකාශගත වී පැය කිහිපයකට පසු යානයේ වැසිකිළි පද්ධතියේ යම් තාක්ෂණික ගැටළුවක් මතු වුවද, පාලක මැදිරියේ සහය ඇතිව එය සාර්ථකව නිරාකරණය කර ගැනීමට ගගනගාමීන් සමත්ව තිබේ.
පෘථිවි කක්ෂයේ පරීක්ෂණ කටයුතු නිම කළ ඔරායන් යානය මේ වන විට සඳ වෙත යන නිවැරදි දිශානතියට (Trans-Lunar Injection) පිවිස තිබේ. නාසා ආයතනය තහවුරු කළේ යානයේ සිටින ගගනගාමීන් සිව්දෙනාම ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, යානයේ සියලු පද්ධති මේ වන විට නිසි පරිදි ක්‍රියා කරන බවත්ය.
සිය පළමු දින අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා ගගනගාමීන් වීඩියෝ ඇමතුමක් මඟින් නාසා ආයතනය හා සම්බන්ධ වූහ. පවතින වේගය අනුව තවත් දින 4ක් වැනි කෙටි කාලයකදී යානය චන්ද්‍රයා ආසන්නයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්
පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්! පිළිකාවට එරෙහිව නව එන්නතක්!
මාස 6කට පසු ලෝක බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය අද පීඩන අවපාතයක් වෙන ලකුණු – සුළි කුණාටුවක අවදානමක්?
සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!
සාමාන්ය පෙළ සෞන්දර්ය විෂයන්හි ප්රායෝගික පරීක්ෂණ දින ප්රකාශයට පත් කෙරේ
ජනපති අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයා බලයි
නාමල් රාජපක්ෂගේ නඩු විභාගය අතරතුර ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසූ දේ
සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට