දශක පහකට වැඩි කාලයකට පසු සඳ බලා යන පළමු මිනිස් මෙහෙයුම වන Artemis II හි ගගනගාමීන් විසින් පෘථිවි කක්ෂයේ සිට ලබාගත් ප්‍රථම ඡායාරූප පෙළ නාසා (NASA) ආයතනය අද (03) නිල වශයෙන් මුදාහැර තිබේ. නාසා ආයතනය සිය නිල X ගිණුම ඔස්සේ මෙම ඡායාරූප පළ කර තිබුණේ “ඒ අපි!” (That’s us!) යන හැඟුම්බර ශීර්ෂ පාඨය ද සමඟිනි.
1972 වසරේ ඇපලෝ මෙහෙයුම්වලින් පසු සඳ වෙත ගමන් ගන්නා ‘ඔරායන්’ (Orion) අභ්‍යාවකාශ යානය, මෙහෙයුමේ පළමු දිනය පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින් සිය ජීවිත ආධාරක පද්ධති සහ වායු පද්ධති ඇතුළු අත්‍යවශ්‍ය උපාංගවල ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කළේය.
අභ්‍යාවකාශගත වී පැය කිහිපයකට පසු යානයේ වැසිකිළි පද්ධතියේ යම් තාක්ෂණික ගැටළුවක් මතු වුවද, පාලක මැදිරියේ සහය ඇතිව එය සාර්ථකව නිරාකරණය කර ගැනීමට ගගනගාමීන් සමත්ව තිබේ.
පෘථිවි කක්ෂයේ පරීක්ෂණ කටයුතු නිම කළ ඔරායන් යානය මේ වන විට සඳ වෙත යන නිවැරදි දිශානතියට (Trans-Lunar Injection) පිවිස තිබේ. නාසා ආයතනය තහවුරු කළේ යානයේ සිටින ගගනගාමීන් සිව්දෙනාම ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, යානයේ සියලු පද්ධති මේ වන විට නිසි පරිදි ක්‍රියා කරන බවත්ය.
සිය පළමු දින අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා ගගනගාමීන් වීඩියෝ ඇමතුමක් මඟින් නාසා ආයතනය හා සම්බන්ධ වූහ. පවතින වේගය අනුව තවත් දින 4ක් වැනි කෙටි කාලයකදී යානය චන්ද්‍රයා ආසන්නයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


හෝමාගමට අද පැය 12ක ජල කප්පාදුවක්
කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදහන්
පාස්කු ඉරිදා වෙනුවෙන් ජනපතිගෙන් පණිවිඩයක්
GMOA වර්ජනය තවත් පැය 24කට දිගු වෙයි
මේ දිනවල ජංගම දුරකථන භාවිතයේදී ප්‍රවේශම්වන්න
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විසින් BAIC X55 රථ 1,000කට අධික සංඛ්‍යාවක් අලෙවි කරයි
ඇමෙරිකානු නියමුවා ගැන ඔත්තු දෙන අයෙකුට ඉරානයෙන් සල්ලි මල්ලක්
ගම්මන්පිලගේ උත්සවයට ගිය සජිත් ගැන මුජිබර් කට අරියි
කොළඹ ජල කප්පාදුව හෙට සිට අඩු කෙරේ
බඩ් වාහන 20ක් සමඟ තුනක් අල්ලයි
පොහොර නැවක් හෙට දිවයිනට
මාළු මිල පහළට