Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට

9 hours ago

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඇතුළු ජාත්‍යන්තර විස්සයි-20 තරගාවලි සඳහා සහභාගී වීමට අවශ්‍ය “විරෝධතාවක් නොමැති බවට වන සහතිකය” (NOC) ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කරන්නැයි ඉල්ලා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් ගොනු කරන ලද මෙම පැමිණිල්ල අද (02) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

කරුණු සලකා බැලූ අධිකරණය, අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන්ට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ලේකම් බන්දුල දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලී ද සිල්වා නම් කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *