ජනප්‍රිය ගායක දුෂ්‍යන්ත වීරමන් මහතාට “නෙලුම් විලෙන් පැන” නමැති ගීතය ගායනා කිරීම වාරණය කරමින් කොළඹ වාණිජ මහාධිකරණය අද (27) වාරණ ආඥාවක් නිකුත් කළේය.
අදාළ ගීතයේ තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද ප්‍රකට සංගීතඥ රවිහන්ස වැටකේපොත මහතා විසින් මෙම නඩුව පවරා තිබුණි. පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම ගීතය සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපළ හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කළ නොහැකි බවත්, දුෂ්‍යන්ත වීරමන් මහතා පැමිණිලිකරුගේ අවසරයකින් තොරව එය සිය ගීතයක් ලෙස ගායනා කරමින් සිටින බවත්ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ වාණිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර මහත්මිය විසින් මෙම වාරණ නියෝගය නිකුත් කරන ලදී. ඒ අනුව:
- දුෂ්‍යන්ත වීරමන් හට මෙම ගීතය ගායනා කිරීම තහනම් වේ.
- පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව මෙම ගීතය වෙනත් පාර්ශවයන් වෙත ලබාදීම ද වාරණය කර ඇත.
(source -dasathalankanews)

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්
GMOA තීරණයට එරෙහිව ඇමති නලින්ද සැර වෙයි
ජල කළමනාකරණය පිළිබඳව ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට බරපතළ චෝදනාවක්
“මන්චි” ජනතාවගේ බිස්කට් සන්නාමය ලෙස මෙවරත් පිදුම් ලබයි
පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි