ලෝකයේ පවතින වත්මන් යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන කළමනාකරණය සඳහා QR කේත ක්‍රමය (Fuel Pass) හඳුන්වා දීම ඉතාමත් යහපත් තීරණයක් බව හිටපු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි. ඊයේ (27) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ යම් කාලයකට පාරිභෝජනය සීමා කිරීම හෝ සංකෝචනය කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා, එලෙස පාරිභෝජනය සීමා කළ ද එමගින් රටේ සමස්ත ආර්ථිකය සංකෝචනය නොවීමට රජය වගබලා ගත යුතු බව අවධාරණය කළේය.
කෙසේ වෙතත්, ඉන්ධන පිරිමැසීමේ අරමුණින් රජය විසින් සෑම බදාදා දිනකම ප්‍රකාශයට පත් කර ඇති විශේෂ නිවාඩු දිනය සම්බන්ධයෙන් තමා එකඟ නොවන බව අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේය. සතිය මැද දිනයක රාජකාරි කටයුතු නැවැත්වීමෙන් සතියේ ඉලක්කගත වැඩ කොටසට බාධා ඇති වන බවත්, එය රටේ ආර්ථිකයට ඍණාත්මක ලෙස බලපාන බවත් ඔහු පෙන්වා දුන්නේය.
“සතිය මැද නිවාඩු ලබාදීමෙන් වැඩ ප්‍රමාණය අතපසු වෙනවා. ඒ නිසා බදාදා නිවාඩු ලබාදීමේ තීරණය සම්බන්ධයෙන් රජය නැවත සලකා බැලිය යුතුයි,” යනුවෙන් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි