Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දරුවන් දිනකට දෙවරක් නාවන්න! වෛද්‍යවරුන් දෙමාපියන්ගෙන් ඉල්ලයි!

19 hours ago

දිවයින පුරා ඉහළ යන උෂ්ණත්වය හේතුවෙන් ඇතිවිය හැකි විජලනය සහ උෂ්ණත්වය ආශ්‍රිත රෝග වළක්වා ගැනීම සඳහා දරුවන් දිනකට දෙවරක්වත් නාවන ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ,

“ප්‍රමාණවත් තරම් දියර සහ ඛනිජ ලවණ ලබා නොගැනීම හේතුවෙන් තෙහෙට්ටුව, හිසරදය, නිදිමත ගතිය, වමනය, ශරීරයේ වේදනාව, නින්ද නොයාම, අධික ලෙස නිදාගැනීම සහ කෑම අරුචිය වැනි බරපතල සෞඛ්‍ය ගැටලු ඇති විය හැකියි.

ජලය පානය නොකර දරුවන් එළිමහනේ සෙල්ලම් කළහොත් ඔවුන්ට විජලනය සහ උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන කම්පන තත්ත්වයන් (heat shock) ඇතිවීමේ අවදානමක් පවතිනවා.”

මෙම උණුසුම් කාලගුණය තුළ දරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවද ඔවුන් සඳහන් කරනවා.

එම අංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ අධික උණුසුමේ බලපෑම අවම කර ගැනීම සඳහා දිනකට දෙවරක් දරුවන් නෑමට, හොඳින් ජලය පානය කිරීමට, සැහැල්ලු ඇඳුම් ඇදීමට දරුවන් යොමුකල යුතු බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *