Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තිස්සකුට්ටි රාජපක්ෂ කඳවුරට සමුදෙන දිනය

3 days ago

ආණ්ඩු පක්ෂයේ ඇතැම් අය රාජපක්ෂ පවුල සතුව මුදල් උගන්ඩාවේ පවතිනවා යනුවෙන් සඳහන් කරන නමුත්, රාජපක්ෂ පවුල සතුව එක රුපියලක් හෝ උගන්ඩාවේ තිබෙන බව ඔප්පු කළ යුතු බව හිටපු අමාත්‍ය තිස්සකුට්ටි ආරච්චි පවසනවා.

ඔහු එහිදී කියා සිටියේ, එවැනි ආකාරයට ඔප්පු කිරීමට හැකියාවක් පැවතියහොත් තමා රාජපක්ෂ කඳවුරෙන් ඉවත්ව යන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳ්හන් කළේ,

“උගන්ඩාවේ සල්ලි තියෙනවනම් එක රුපියලක් හරි උගන්ඩාවේ මහින්ද රාජපක්ෂලගේ තමයි මෙන්න මේ රුපියල, මේ රුපියල හොරාකාපු රුපියලක් කියලා පෙන්නුවොතින් තිස්සකුට්ටි ආරච්චි එදාට මහින්ද රාජපක්ෂ කඳවුරේ ඉන්නේ නැහැ. ඒ නිසා මට පෞද්ගලික විශ්වාසයක් තියෙනවා රාජපක්ෂවරු මේ රටට හොඳට වැඩ කරා. හොරකම් කරලා තියෙනවා නම් මේ රජයෙන් අපිට ඔප්පු කරලා දෙන්න. අපි නම් දන්න හොරකමක් අද වෙනකන් ඔප්පු වෙලා නැහැ. 2029 අනුර කුමාර ජනාධිපති වෙන එක පැත්තකට තියාගෙන පුලුවන් නම් මේ අවුරුද්ද ඇතුළත අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ජනාධිපතිකම් බේරගන්න කියලා තමයි මට පෞද්ගලිකවම එතුමාට ආයාචනා කරලා කියන්න තියෙන්නේ…”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *