Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇමෙරිකානු නියමුවා ගැන ඔත්තු දෙන අයෙකුට ඉරානයෙන් සල්ලි මල්ලක්

20 hours ago

ඉරානය විසින් බිම හෙලූ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා අල්ලා ගැනීමට සහයෝගය ලබාදෙන්නැයි ඉරාන රජය එරට ජනතාවගෙන් එල්ලා තිබෙනවා.

එම ගුවන් භටයා අල්ලා ගැනීමට උදව් කරන ඕනෑම පුරවැසියෙකුට අමෙරිකානු ඩොලර් 66,100ක ත්‍යාගයක් ලබා දෙන බවයි ටෙහෙරාන් රජය ඉරාන වැසියන්ට පොරොන්දු වී ඇත්තේ.

ඉරානය විසින් ඊයේ (3) වැනිදා එල්ලකළ ප්‍රහාරයෙන් F-15 වර්ගයේ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටුණු බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

එම යානයේ නියමුවන් දෙදෙනාගෙන් අයෙක් දිවි බේරාගැනීමට සමත්වූ බව වාර්තා වූ අතර සෙසු නියමුවා තවමත් අතුරුදහන් බවයි වාර්තා වන්නේ.

අතුරුදන් නියමුවා සෙවීම සඳහා අමෙරිකාව මේ වන විටත් අඛණ්ඩ මෙහෙයුමක් ආරම්භකර ඇති බව සඳහන්.

ගැටුම් අතරතුර ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබියදී බිම හෙළන ලද ඇමරිකානු ප්‍රහාරක යානයේ නියමුවන් සෙවීමේ මෙහෙයුම්වල නිරත වූ බ්ලැක්හෝක් හෙලිකොප්ටර් යානා දෙකකට ඉරාන ප්‍රහාර එල්ල වී තිබෙනවා.

තවද ඇමරිකානු A-10 Warthog වර්ගයේ ප්‍රහාරක යානයක්ද ප්‍රහාරයකට ලක්ව කුවේට් රාජ්‍යයට ඉහළින් කඩා වැටී තිබෙනවා.

හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉහළ අහසේ දී මෙම යානය ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඒ අනුව දිනක් තුළ අමෙරිකාවට ප්‍රහාරක යානා 2ක් අහිමි වී තිබෙනවා.

ප්‍රහාරයකින් බිඳහෙළු අමෙරිකානු ප්‍රහාරක යානයේ සිටි ගුවන් නියමුවා සෙවීම සඳහා අමෙරිකාව මෙන්ම ඉරානයද මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *