Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදහන්

3 minutes ago

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ ගිලී පාසල් සිසුවෙකු අතුරුදහන් වී ඇති බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.

මෙසේ දියේ ගිලි අතුරුදන් වී ඇත්තේ, නෝර්වුඩ් අයර්බි දෙමළ මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි නොර්වුඩ් වත්තේ පදිංචිව සිටි පාසල් සිසුවෙක්.

අතුරුදහන් වී ඇති පාසල් සිසුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග අද (04) දින පස්වරුවේ නෝර්වුඩ් කෙසෙල්ගමු ඔයේ සිල්වර් වලේ පැන දිය නාමින් සිටියදී එක්වරම අතුරුදහන් වී තිබෙනවා.

එහිදී අතුරුදහන් වූ සිසුවා බේරා ගැනීමට ඔහුගේ මිතුරන් උත්සාහ කලත්, සිසුවා දියේ ගිලුණ ස්ථානය අධික ගැඹුුරු ස්ථානයක් බැවින් පසුව එම සිසුන් විසින් නෝර්වුඩ් පොලිසියට කළ දැනුම් දිමක් මත නෝර්වුඩ් පොලිසිය විසින් ඔහු සොයා මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *