ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි දැක්වෙන පරිදි හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් සහ සමාව දීමේ උතුම් ගුණයෙන් සියලු භේද දුරලා එකම ශ්‍රී ලාංකික පවුලක් ලෙස ඉදිරියට ගමන් කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස තමන් සියලු ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අදට (05) යෙදී ඇති පාස්කු ඉරුදිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ.
මේ මොහොතේ මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුනේ ලොව පුරා ජනතාව මහත් පීඩා විඳින බවත් එදිරිවාදය පෙරදැරිය ගෙන යන යුද්ධය වෙනුවට සියලු ලෝ වැසි ජනතාව සාමය සහ සහජීවනය ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා සිය පණිවිඩය මගින් සඳහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ සම්පූර්ණ පණිවිඩය පහතින්,
ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා කිතුනු බැතිමත්හු ඉමහත් භක්තියන් යුතුව පාස්කු ඉරිදා දිනය සමරති. එය බලාපොරොත්තුවේ, අලුත් වීමේ සහ දයාවේ සදාතනික බලය සිහිපත් කරන්නකි.
ආගමික උත්සවයක් සේම පාස්කු උත්සවය යනු මනුෂ්‍යත්වය, ප්‍රේමය සහ දරා ගැනීමේ හැකියාව පිළිබඳ යළි මෙනෙහි කරවන කිතුනුවන්ගේ සංස්කෘතික මංගල්‍යයකි. මරණය පරදා උත්ථානය ලැබූ ක්‍රිස්තුස් වහන්සේ දැඩි අධිෂ්ඨානයත් කැපවීමත් තිබේ නම් අඳුර පරදා ආලෝකයත්, බිය පරදා විශ්වාසයත්, වේදනාව පරදා සදාකාලික ප්‍රීතියත් ජයගත හැකි බව ජීවනාදර්ශයෙන් ලොවට පෙන්වා දුන්හ. තමන් වෙනුවෙන් ජිවිතය පූජා කළ යේසුස් වහන්සේ උදෙසා එක්සත්ව නැගී සිටි ජනතාව ලෝකයට එක්සත්භාවයේ යහ-පණිවිඩය ලබා දුන්හ.
මේ මොහොතේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලොව පුරා ජනතාව මහත් පීඩා විඳින බවද අපට අමතක කළ නොහැකිය. එදිරිවාදය පෙරදැරිව ගෙන යන යුද්ධය වෙනුවට සියලු ලෝ වැසි ජනතාව සාමය සහ සහජීවනය ප්‍රාර්ථනා කරති. මේ උතුම් පාස්කු උදාවේදී සාමය කරා යන ගමන්මඟ හෙළිපෙහෙළි වේවා’යි ප්‍රාර්ථනා කරමි.
ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි දැක්වෙන පරිදි අපගේ හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් සහ සමාව දීමේ උතුම් ගුණ දියෙන් පුරවාලමින් එක මවකගේ දරුවන් මෙන් භේද දුරලා හදවතින් බැඳී එකම ශ්‍රී ලාංකික පවුලක්ව ඉදිරියට යමු! ඒ සඳහා සහෝදරත්වයෙන් අත්වැල් බැඳගනිමු!
දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය වීම සිහිපත් කරන මෙම උතුම් පාස්කු දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික මෙන්ම ලෝවැසි කිතුනු බැතිමතුන්ට මම මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
ඔබ සැමට දයාවේ සහ සාමයේ පැතුම් ඉටු වන සුබ පාස්කු මංගල්‍යයක් වේවා!

හෝමාගමට අද පැය 12ක ජල කප්පාදුවක්
කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදහන්
GMOA වර්ජනය තවත් පැය 24කට දිගු වෙයි
මේ දිනවල ජංගම දුරකථන භාවිතයේදී ප්‍රවේශම්වන්න
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විසින් BAIC X55 රථ 1,000කට අධික සංඛ්‍යාවක් අලෙවි කරයි
ඇමෙරිකානු නියමුවා ගැන ඔත්තු දෙන අයෙකුට ඉරානයෙන් සල්ලි මල්ලක්
ගම්මන්පිලගේ උත්සවයට ගිය සජිත් ගැන මුජිබර් කට අරියි
කොළඹ ජල කප්පාදුව හෙට සිට අඩු කෙරේ
බඩ් වාහන 20ක් සමඟ තුනක් අල්ලයි
පොහොර නැවක් හෙට දිවයිනට
මාළු මිල පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්