ඊයේ (24) දිනයේදී පිලී පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලි ගත කර යළි කොළඹ බලා පැමිණීමේදී කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේදී යළිත් පීලි පැනීමකට ලක්ව තිබේ.
අද පස්වරු 06.20ට පමණ මෙම පීලි පැනීම සිදුව ඇති අතර මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් යළිත් අවහිර වී ඇත.
ඒ අනුව කොළඹ කොටුව හා වැල්ලවත්ත අතර එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවන කටයුතු මේ වන විට සිදුකෙරෙන බවද වාර්තා වේ.
ඊයේ උදෑසන පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කර යළි කොළඹ බලා ධාවනය කෙරී ඇති අතර එහිදී මෙම පිලී පැනීම සිදුව ඇත.
මේ අතර යළි පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය නැවත පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයිද අවහිර වූ මුහුදුබඩ දුම්රිය මාර්ගය අද දිනයේම නැවත විවෘත කිරීමට හැකිවනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්රී ලංකාවට එක්දින තරගාවලි ජයක්
අයිතිකරුගේ නම ගහපු වාහන අංක තහඩු ළඟදීම
2026 වසරේ ඉන්ධන ආනයන වියදම පිළිබඳව මහ බැංකුවෙන් පුරෝකථනයක්
මාල කේස් එක ඉවරයි.. දැන් සම්පූර්ණ අවධානය ක්රිකට්වලට.. – භානුක රාජපක්ෂගෙන් X සටහනක්
බක්මහ උළෙලක ගැටුමක් දුරදිග යයි! සහෝදරයා බේරාගන්න ගිය පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට!
ප්රවේශම්වන්න! ඔබගේ බැංකු ගිණුම හිස් කරන අලුත්ම ඩිජිටල් ජාවාරම ගැන පොලිසියෙන් රතු නිවේදනයක්!
රාගම වෙළඳසැලකදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිසට ලැබුණු නියෝගය
ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වෙයි! මහ බැංකුවෙන් අලුත්ම වාර්තාවක්!
පහළොස් දහසක අල්ලසක් ගත් රජයේ නිළධාරියෙකුට අමතක නොවන දඬුවමක්
අනතුරුදායක ලෙස රිය පැදවූ තරුණයෙකුට වැඩ වරදී
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
සාම පා ගමනේ අද ගමන් මග