Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අයිතිකරුගේ නම ගහපු වාහන අංක තහඩු ළඟදීම

16 minutes ago

වාහනයේ අංක තහඩුවේ ඉංග්‍රීසි අකුරු වෙනුවට තමන්ගේ නම සඳහන් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.

එම වැඩපිළිවෙල සකස් කරගෙන යන  බව  දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා දැනුම් දුන්නාය.

ලෝකයේ බොහෝ රටවල එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙන  බව මුදල් කමිටුවේදී ප්‍රකාශ විය.

මේ අතර අංක ලක්ෂයක් ඉදිරියෙන් වූ  අංක ලබාදීමෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 118ක පමණ ආදායමක් උපයාගෙන ඇති බව එහි නිලධාරීහු මුදල් කාරක සභාවට දැනුම් දුන්හ.

එලෙස අංකයක් ලබාදීමට රුපියල් ලක්ෂ දහයක මුදලක් අය කරන බව  ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

කෙසේ වෙතත් වසර තුනක පමණ කාලයක් එම මුදල අයකර ඇත්තේ ගැසට් නිවේදනයකින් තොරව බව  වාර්තාවේ. එසේ හෙයින් විශේෂිත අංක ලබාදීම සඳහා මුදල් අය කිරීමේ වැඩපිළිවෙළට   මුදල් කාරක සභාව අනුමැතිය දුන්නේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *