ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීය.
මෙහිදී ඔවුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා මාතෘ භූමියේ ඒකීයභාවය වෙනුවෙන් ඔවුන් සියලු දෙනා කළ කැපවීම අගය කළේය.
අනතුරුව “රණවිරු සෙවණ” සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමගද කතාබහක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන් වෙනුවෙන් තවදුරටත් සැපයිය හැකි වෛද්‍ය සහ අනෙකුත් සේවා පහසුකම් පිළිබඳවද සොයා බැලීය.
විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ආර්.ජී.එල්.කේ. වීරකෝන්, රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





හිරුණිකා අධිකරණයේදී ප්‍රසිද්ධියේ සමාව ගනී
මාරාන්තික ඉබෝලා වෛරසයෙන් ලංකාවටත් බලපෑමක් එල්ල වෙයිද?
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අද අධිකරණයේදී හෙළි වූ කරුණු
ඉන්ධන QR කේතය ගැන දැනුම්දීමක්
කොළඹට යන එන අයට විශේෂ දැනුම්දීමක්
නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු! අද කාලගුණ නිවේදනය!
රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි
ජාතික විජයග්‍රාහී සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්! මෙවර සැමරුමෙහි විශේෂත්වයක්!
රාජ්‍ය ආයතනවලට විශේෂ චක්‍රලේඛයක්
හිටපු ජනපති මහින්දගේ පාර්ශ්වයෙන් නිවේදනයක්
සතිය ආරම්භයේදීම කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පහත වැටීමක්
දන්සල් සඳහා බෞද්ධ කොඩි භාවිතය තහනම් කරයි