Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බදු

39 minutes ago

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 17කින් අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 10%ක බදු ප්‍රතිශතයක් පනවා ඇති අතර, යුරෝපීය සංගමයෙන් සහ තායිවානයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ද මෙම 10% බදු ප්‍රතිශතයම අදාළ වේ.

ආර්ජන්ටිනාව, බංග්ලාදේශය, කාම්බෝජය, කැනඩාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ග්වාතමාලාව, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, මැලේසියාව, මෙක්සිකෝව, පාකිස්තානය, එක්සත් රාජධානිය සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ.

චීනය, ජපානය, රුසියාව, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, වෙනිසියුලාව, ඊශ්‍රායලය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් 41කට 12.5%ක බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වේ.

අදාළ රටවල් තුළ බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධයෙන් දක්වන ලිහිල් ප්‍රතිපත්තිය මෙම නව බදු පැනවීමට ප්‍රධානතම හේතුව වී ඇත.

අමෙරිකානු අධිකරණ තීන්දුවකට අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය අත්හිටුවමින් නියෝගයක් ලබාදී තිබූ අතර, ඒ අනුව එය ක්‍රියාත්මක කිරීමට අවසර හිමිව තිබුණේ දින 150ක කාලයකට පමණි. එම කාලසීමාව අවසන් වීමත් සමඟ අද සිට මෙම නව බදු ප්‍රතිපත්තිය නිල වශයෙන් බලගන්වා තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *