වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති අද (04) දහවල් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට තීරණය කර තිබේ.
අයවැයට පෙර ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ද ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොවුණු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙයි.
වෘත්තීය සමිති මඟින් මෙහිදී පෙන්වා දෙන ප්‍රධාන ගැටලු කිහිපයක් මෙසේය:
- උසස්වීම් ප්‍රමාදය: ගුරුවරුන්ගේ උසස්වීම් ප්‍රමාද වීම හේතුවෙන් ලක්ෂයකට ආසන්න ගුරු පිරිසක් අසාධාරණයට ලක්ව සිටීම.
- ඇගයීම් ක්‍රමවේදයේ ගැටලු: මොඩියුලර් ඇගයීම් වෙනුවට විභාග ක්‍රමයක් හඳුන්වාදීම නිසා මතුව ඇති ගැටලු.
- අධික ලේඛන කටයුතු: ගුරුවරුන්ට පවතින අධික ලේඛන කටයුතු (කොළ පිරවීම) හේතුවෙන් දැඩි පීඩාවකට ලක්වීමට සිදුවීම.
- විදුහල්පති සේවයේ ගැටලු: විදුහල්පති සේවයේ පවතින ගැටලුවලට අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් ප්‍රමාණවත් විසඳුම් ලබා නොදීම.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති