පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමට දැක්වූ විශිෂ්ට දක්ෂතාවලට ප්‍රතිඵල ලෙස, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කරන ලද නවතම විස්සයි-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින්, තම ක්‍රිකට් දිවියේ ඉහළම විස්සයි-20 ශ්‍රේණිගත කිරීම වන 6 වැනි ස්ථානය ලබාගැනීමට සමත් වුණා.
පාකිස්ථානයට එරෙහි පළමු විස්සයි-20 තරගයේදී ලකුණු 39ක් සහ දෙවන තරගයේදී ලකුණු 40ක් ලබාගනිමින් දක්වන ලද ස්ථාවර දක්ෂතාවය ඇගේ මෙම ප්‍රගතියට හේතුවයි.
ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකාරිණී බෙත් මුනි මෙම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවනවා.
මීට අමතරව, පාකිස්ථානයට එරෙහි පළමු තරගයේදී නොදැවී ලකුණු 101ක් ලබාගනිමින් සිය මංගල විස්සයි-20 ශතකය වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් පිතිකාරිණී ඉමේෂා දුලානි, ස්ථාන 33ක් වැනි දැවැන්ත පිම්මක් පනිමින් පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 23 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ද සිය වෘත්තීය දිවියේ හොඳම අගය සටහන් කරමින්.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති