බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 24කට, ශ්‍රී ලංකාව තුළ පිවිසීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවරගෙන තිබේ.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම්දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන ඇත.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව වරදක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක්ය.
ඒ අනුව අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
තහනම් කරන ලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය,

මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
සිරදඬුවමින් නිදහස් වෙන්න හිරුණිකා ඉදිරිපත් කළ පෙත්සම ගැන ගත් තීන්දුව
අගෝස්තු මාසයේදී ලාෆ්ස් ගෑස් මිල ස්ථාවරයි
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ ජල කප්පාදුවක්
මීගමුව බන්ධනාගාර ගැටුමේ වාර්තාව ජනපතිට! වන්දි ගෙවීම පිළිබඳව විශේෂ අවධානයක්!
රුපියල අදත් නගී
සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් වැඩිදුර සලකාබැලීමට දින දෙයි
කොටස් වෙළෙඳපොළෙන් දැවැන්ත පිරිවැටුමක්
“උසම ගසට තමයි වැඩිම සුළඟ වැදෙන්නේ” නීතිඥ සංගමයේ සභාපතිගෙන් එල්ල වන චෝදනාවන්ට පිළිතුරු
අගෝස්තු මාසයට අදාළව ගෑස් මිලේ වෙනසක් නෑ
පාසල් නිවාඩුව ගැන විශේෂ දැනුම්දීමක්
සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්