මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටු වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලබාදී තිබේ.
ජාතික ඒකාබද්ධතා සහ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය මාස 05වෙනිදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් රැඳවියන් විසි දෙදෙනෙකු සහ නිලධාරීන් දස දෙනෙකු මිය යන ලදී.
එමෙන්ම නිලධාරි 21 දෙනෙකු සහ රැඳවියන් 106 දෙනෙකු ඉන් තුවාල ලැබූ බව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කියාසිටියේය.
අදාළ ගැටුමෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන්ට මේ වනවිටත් වන්දි ගෙවා ඇති බවත් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට ඔබ්බෙන් ගොස් කළ හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෙවීමට ජනාධිපතිවරා කමිටුවක් ද පත් කර ඇතැයි ඔහු කීය.
ඒ අනුව වන්දිගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම, නිලධාරින් ලබාගෙන ඇති ණය පිළිබඳව ද එමගින් තීරණ ගැනීමට නියමිතය.
තව ද ගැටුමෙන් තුවාල ලද නිලධාරින්ගේ තත්ත්වය සහ පූර්ණ ආබාධිත තත්ත්වය සම්බන්ධයෙන් ද සොයාබලා ඊට සුදුසු ක්‍රියාමාර්ග යෝජනා කිරීම අදාළ කමිටුව හරහා සිදු කෙරෙනු ඇති බව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසුවේය.

සිරදඬුවමින් නිදහස් වෙන්න හිරුණිකා ඉදිරිපත් කළ පෙත්සම ගැන ගත් තීන්දුව
අගෝස්තු මාසයේදී ලාෆ්ස් ගෑස් මිල ස්ථාවරයි
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ ජල කප්පාදුවක්
රුපියල අදත් නගී
සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් වැඩිදුර සලකාබැලීමට දින දෙයි
කොටස් වෙළෙඳපොළෙන් දැවැන්ත පිරිවැටුමක්
“උසම ගසට තමයි වැඩිම සුළඟ වැදෙන්නේ” නීතිඥ සංගමයේ සභාපතිගෙන් එල්ල වන චෝදනාවන්ට පිළිතුරු
අගෝස්තු මාසයට අදාළව ගෑස් මිලේ වෙනසක් නෑ
පාසල් නිවාඩුව ගැන විශේෂ දැනුම්දීමක්
සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්
රුමේෂ් තරංග ලෝකයෙන්ම අංක 1 වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්