Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ ජල කප්පාදුවක්

24 minutes ago

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අද (06) රාත්‍රී 10.00 සිට හෙට ( 07) පෙරවරු 5.00 දක්වා පැය 7ක කාලයක් වැල්ලවත්ත සහ පාමංකඩ ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා මෙම ජල කප්පාදුව සිදුකරනු ලබයි.

ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජනතාව අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙසත්, පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටින අතර, මෙම නඩත්තු කටයුතු හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අපහසුතාව සම්බන්ධයෙන්ද ඔවුන් කණගාටුව පළ කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *