Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිරදඬුවමින් නිදහස් වෙන්න හිරුණිකා ඉදිරිපත් කළ පෙත්සම ගැන ගත් තීන්දුව

1 day ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් කොළඹ මහාධිකරණය නියම කළ වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම අවලංගු කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනය විභාග කිරීම සැප්තැම්බර් 23 දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (06) නියෝග කළේය.

2015 වසරේ දී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් නීතිවිරෝධී ලෙස රඳවා තබා පහරදීමේ සිද්ධියට අදාළව 2024 ජූනි 28 දින කොළඹ මහාධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරදකාරිය ලෙස තීන්දු කරමින් ඇයට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් 20,000ක දඩයක් නියම කර තිබිණි.

එම තීන්දුව හා දඬුවම අවලංගු කරන ලෙස ඉල්ලා ඇය අභියාචනාධිකරණයට මෙම අභියාචනය ගොනුකර ඇත.

අභියාචනය විනිසුරුවරුන් වන පී. කුමරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන විනිසුරුවන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූ අතර, අභියාචනාකාරිණිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ වගඋත්තරකරු වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කරුණු දැක්වීමෙන් අනතුරුව නඩුව සැප්තැම්බර් 23 දින විභාගයට ගැනීමට නියම කෙරිණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *