Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම

1 hour ago

පොලිස් මූලස්ථානය මඟින් නිකුත් කරනු ලබන නිෂ්කාශන සහතිකපත් ලබාදීමේ දත්ත පද්ධතිය අක්‍රීය වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු අලුතින් අයදුම්පත් ඉදිරිපත් නොකරන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැඟිල්ලේ 17 වන මහලේ ස්ථාපිත නිෂ්කාශන අංශය මඟින් මෙම සහතික නිකුත් කෙරෙන අතර, එහි අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ සහතික පත්‍ර මුද්‍රණය සිදු කරන දත්ත පද්ධතිය ඊයේ (20) දින දහවල් සිට මෙලෙස අක්‍රීය වී තිබේ.

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) දැනුවත් කර අදාළ දත්ත පද්ධතිය හැකි ඉක්මනින් යථාවත් කිරීමට පියවර ගනිමින් පවතින බව පොලීසිය පවසයි.

අදාළ දත්ත පද්ධතිය සම්පූර්ණයෙන් යථාවත් වන තෙක් නව නිෂ්කාශන වාර්තා ඉල්ලුම් නොකරන ලෙස දැනුම් දෙන අතර, පද්ධතිය යථා තත්ත්වයට පත් වූ සැනින් නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමට පහසුකම් සැලසෙන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් නිවේදනය කරයි. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *