Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කරයි

1 day ago

හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාට එරෙහිව පවතින අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන පරිදි ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීම තුළින් ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයින් සහ ක්‍රියාකාරිකයින් පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙනවා.

මෙසේ කරුණු වාර්තා කර ඇත්තේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, අසංක නවරත්න මෙන්ම සුගීෂ්වර බණ්ඩාර සහ මහින්ද පතිරණ යන අයට එරෙහිව යි.

අදාළ නඩුව අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතරතුර, ඊට බලපෑම් සිදුවන ආකාරයෙන් සහ අධිකරණ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අදාළ පුද්ගලයින් අධිකරණයට අපහාස කිරීමේ වරද සිදුකර ඇත්දැයි පරීක්ෂා කර සුදුසු නීතිමය පියවර ගැනීම සඳහා ඉදිරි කටයුතු අභියාචනාධිකරණය හමුවේ සිදු වීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *