Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?

2 hours ago

ඉදිරියේදී ඇතිවිය හැකි එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ විදුලි ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි අතර, ජල මූලාශ්‍ර සිඳී යාම නිසා ජලවිදුලි උත්පාදනය පහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පදනම් කරගත් විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ නව ගාස්තු ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති K. P. L. චන්ද්‍රලාල් මහතා මේ බව සඳහන් කළේය.

වියළි කාලගුණික තත්ත්වය හමුවේ අධික රශ්මිය නිසා විදුලි පාරිභෝජනය ඉහළ යන අතරම, ජලාශවල ජල මට්ටම පහත බැසීම හේතුවෙන් පද්ධතිය තුළ යම් විදුලි හිඟයක් මතු වීමේ හැකියාවක් පවතින බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වයට මුහුණ දීම සහ පද්ධතියට වැඩි විදුලි බලයක් එක්කර ගැනීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයන්ගෙන් විදුලිය මිලදී ගන්නා ගාස්තු ස සංශෝධනය කර ප්‍රකාශයට පත් කිරීමට කොමිසම පියවර ගෙන ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *