Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

34 minutes ago

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව ‘දිනන දකුණ’ සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (02) උදෑසන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද දීමනා මහජන යහපත උදෙසා නොයොදවා ජනතා විමුක්ති පෙරමුණේ (JVP) බැංකු ගිණුමට තැන්පත් කිරීම මගින් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

ඒ අනුව කරුණු 5ක් පදනම් කරගනිමින් ඉදිරිපත් කළ මෙම පැමිණිල්ල හරහා, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන පක්ෂයේ බැංකු ගිණුම් පරීක්ෂා කර කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස ‘දිනන දකුණ’ සංවිධානය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *